Gossips

නව වාර්තාව එනතුරු මැතිවරණය නැතැයි ඇමති නවීන් කියයි

නව සීමානිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
පළාත් සභා සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා අද (28) පත්කළා.
එහි සෙසු සාමාජිකයන් වන්නේ ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල්.
කෙසේ වෙතත් සිය අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවට පැරණි ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට මැතිවරණ පවත්වනවාද යන්න තීරණය කළ නොහැකි බවයි.