Gossips

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුව දරුණු ලෙසට දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයන් බලවත් කිරීමට නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයෙන් සීමා කළ විට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වන අතර තමන් ඊට සම්පූර්ණයෙන් විරුද්ධ බවයි.
මෙම ව්‍යවස්ථා කෙටුම්පත තුල පැහැදළි රටාවක් පෙනෙන්නට ඇති අතර එමගින් පාර්ලිමේන්තුව සහ මධ්‍යම රජය හැකි තරම් දුර්වල කරන බවයි විපක්ෂ නායකවරයා අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.
පළාත් සභා හැකි තරම් බලසම්පන්න කෙරෙන අතර ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ගේ පාලනයට යටත් කෙරෙන බව ද විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා කෙටුම්පත ගැන නිකුත් කළ නිවේදනය මෙතැනින්