කොමියුනිස්ට් වාදය ක්‍රියාත්මක වන අතරතුර, නිදහස් වෙළඳපොල හඳුන්වාදීම අරමුණු කරගත් නව ව්‍යවස්ථාව පිළිබඳව කියුබානුවන් අද සිය මතය ප්‍රකාශ කරනවා.
කියුබානු පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාව විසින් අනුමත කරන ලද මෙම නව ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලයද පස් වසර බැගින් වූ දෙවතාවකට සීමා කිරීමද විශේෂත්වයක්.
පෞද්ගලික දේපළ පිළිගැනීමද කොමියුනිස්ට් කියුබාවේ නව ව්‍යවස්ථා සඳහා එක්කර ඇති වගන්තියක්.
ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වුවද රටේ එදිනෙදා කටයුතු අධික්ෂණය අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීමටත්, කියුබාවේ නව ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබෙනවා.
කෙසේ නමුත් එමඟින් ඍජු ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට පියවර ගෙන නොමැති අතර, බලය කොමියුනිස්ට් පක්ෂයට පමණක් සීමාවීම වළක්වා නොමැති බවයි කියුබානු විපක්ෂය පෙන්වා දෙන්නේ.