Gossips

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම, අමාත්‍යවරයා සඳහන් කළේ ඉන් අනතුරුව ඒ පිලිබඳව දින දෙකක හෝ තුනක විවාදයක් ලබාදීමට ද සූදානම් බවයි.