Gossips

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද මෙහෙයුම් කමිටුවට

නව ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව දැනට නිකුත් කර ඇති අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකස් කර ඇති බවයි එම කමිටුවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද (18) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.
නව ව්‍යවස්ථා දළ කෙටුම්පත පිළිබඳව දේශපාලන පක්ෂ තුළ පවතින අදහස් සාකච්ඡාකර අනතුරුව එහි අවසන් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළා.