නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පත ලබන බදාදා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට භාරදීමට නියමිතයි.
එහිදී දැනට තිබෙන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා මත පදනම් වූ දළ කෙටුම්පතක් භාරදීමට කටයුතු කරන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ.
විවිධ පක්ෂ ඊට දැක්වූ වෙනස් අදහස් පිළිබඳ සටහනක්ද මෙම කෙටුම්පතට ඇතුළත්.
මෙම දළ කෙටුම්පත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ඉදිරි සාකච්ඡා සදහා පාදක කර ගන්නා ලියවිල්ලක් පමණක් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ.