Gossips

නව ව්‍යවස්ථාවෙන් උතුරේ ගැටළුවලට විසදුම් නොමැති බව ජාතික භික්ෂු එකමුතුව කියයි

නව ව්‍යවස්ථාවක් ගෙන එනු ලබන්නේ දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත මිස උතුරේ ජනතාවගේ සැබෑ ගැටලූ වලට විසදුම් ලබාදීමට නොවන බව ජාතික භික්ෂු එකමුතුවේ මහ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ උතුරේ පසුගියදා පැවැති ජලගැල්මෙන් විපතට පත්වූ ජනතාවට ආධාර ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ පිණ්ඩපාත චාරිකාවකට කෙළඹදී අද එක්වීමෙන් අනතුරුවයි.
මේ අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබදව මේ මොහොතේ සාකච්ඡා පැවැත්වීම ඵල රහිත ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – කරන්දෙනිය – මධ්‍යම මහා විද්‍යාලයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.