Gossips

නව වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳ ජනපතිගෙන් නිලධාරින්ට උපදෙසක්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේග මර්ධනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්.
දිළිදුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිඟයට විසදුම් ලබාදීම පිළිබදව ද අවධානය යොමු වී තිබෙනවා.