Gossips

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (02) පෙරවරුවේ පැවැත්වෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම රජය ඉදිරියට ගෙන යාමේදී සිදුවිය යුතු සංවර්ධන ක්‍රියාවලි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.