Gossips

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ජනපති වෙත අක්ත පත්‍ර භාරදෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් දොළොස් දෙනෙකු අද (01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.
ජනාධිපති මන්දිරයේ දී මෙම අක්ත පත්‍ර භාරදීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ස්ලෝවැකියා, ඛෙලරස්, මාලි, අර්මේනියා, සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ්‍රායලය, අයිස්ලන්තය යන රටවල් සදහා නව තානාපතිවරුන් මෙහිදී අක්ත පත්‍ර භාර දුන් අතර ගයනා, උගන්ඩා, සයිප්‍රස් යන රටවල් සදහා නව මහකොමසාරිස්වරන් අද දිනයේදී සිය අක්ත පත්‍ර භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.