මෙරටට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.
මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය සහ ටැන්සානියාව යන රටවල් සදහා මෙලෙස නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු පත්ව සිටිනවා.
ජනාධිපති මන්දිරයේදී මෙම අක්ත පත්‍ර භාරදීම සිදුකරුණු අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ද මෙම අවස්ථාවට සහභාගීව සිටි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
