Gossips

නව රටකජු ප්‍රභේදයක්

නව රට කජු ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබෙනවා.
ශ්‍රී ලංකා ජම්බෝ නමින් හඳුන්වන මෙම නව රටකජු ප්‍රභේදය මගින් දින 110 ත් 115 ත් අතර කාලයකින් හෙක්යාර් එකකට කිලෝග්‍රෑම් 4400 ක පමණ අස්වැන්නක් නෙළාගත හැකියි.
මෙමඟින් වාර්ෂිකව රටකජු ආනයනය සඳහා වැයකරන රුපියල් මිලියන 700 ක් පමණ ඉතිරි කරගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ්.
පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් නව රටකජු ප්‍රභේදය වගා කිරීමට අපේක්ෂිතයි.