Gossips

නව රජයේ තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා.
මෙම දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවා.
බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනුයි ඔහු මේ බව පැවසුවේ.
අද රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීම සිදුකෙරුණු අතර එම ලැයිස්තුව පහතින් දැක්වේ.
දුමින්ද දිසානායක – වාර්මාර්ග ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
පියසේන ගමගේ – තරුණ කාන්තා සම ළමා කටයුතු අමාත්‍ය
දයාසිරි ජයසේකර – නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
එල්. ඒ. එම්.හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම – පළාත් සභා හා පළාත් පාලන ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
අන්ගජන් රාමනාදන් – කෘෂිකර්මා නියෝජය අමාත්‍ය
රාජ්‍ය ආරක්ෂක හා නීතිය, සාමය හා තරුණ කටයුතු ජනපති යටතට
සාරථී දුෂ්මන්ත – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක – නිවාස හා නාගරික නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම පුනුරුත්ථාපන හා උතුර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය