Gossips

නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකියි – හිටපු ජනපති

නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය බලාත්මක බැවින් එම ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලය ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අම්බලන්ගොඩ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රිවරයෙකු දිවුරුම් දීම අද හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඉදිරියේ සිදු කෙරුණා