Gossips

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වෙලා – බදියුදීන්

කේවල හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් රට අස්ථාවර වන බවත් ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසනවා.
කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කියා සිටියේ මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුත්තේ පක්ෂයකට හෝ නායකයෙකුට වාසි වන අයුරින් නොව රටට වාසිවන අයුරින් බවයි.