Gossips

නව බදු ලිපි ගොනු 60,000ක් විවෘත කෙරේ

නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු ගෙවීම් සඳහා පසුගිය මැයි මස 31 වන දා වන විට පුද්ගලයින් 60,000ක් නව බදු ලිපි ගොනු විවෘත කර තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක කියා සිටියේ මේ වසර අවසන් වන විට එය දෙලක්ෂ 50,000 දක්වා වැඩි වනු ඇති බවයි.
වර්ෂ 2020 වන විට බදු ගෙවන්නන් මිලියන 3 දක්වා ඉහළ යනු ඇති බවටයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක විශ්වාසය පළ කළේ.