නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලූ පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ ලබන 30 සහ 31 යන දිනවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා පාසල් සිසුන්, දෙමව්පියන්, විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයද එක්වීමට නියමිතයි.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් දැනටමත් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
