Gossips

නව පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා.
ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අතර, ලබන මස 3 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
මෙවර විභාගයට අයදුම්කරුවන් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.