Gossips

නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන මැයි මස 8 වනදා ඇරඹෙයි

පැවති පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් නව සැසිවාරයක් සදහා කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මීළග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ ලබන මැයි මස 8 වන අගහරුවාදා දිනයි.
මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වූ ධුරයන් සඳහා තාවකාලිකව නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ සිදුවුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අලුත් අවුරුද්දෙන් අනතුරුව පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකරනු ඇති බවයි.