බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් රට භාරදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ පිරිසක් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත වුණා.
ඒ, හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ නිවසේදීයි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ නව පක්ෂයක් සෑදීමට වුවද සූදානම් බවයි.
