Gossips

නව දේශපාලන වාතාවරණය පිළිබඳව සුළු පක්ෂවල සාකච්ඡා

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමත් සමඟ ඇති වී තිබෙන දේශපාලන ප්‍රවනතාවන් පිළිබද සාකච්ඡා කිරීම සඳහා සුළු ජාතික දේශපාලන පක්ෂ රැස්වන බව වාර්තා වනවා.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව සිය සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි.
සිය පක්ෂයේ උත්තරීතර මණ්ඩලය එක්රැස් වී වත්මන් දේශපාලන ප්‍රවනතාවන් පිළිබදව සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේදී, නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ මතු වී තිබෙන දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කරන බව ද අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා.
ලංකා කම්කරු කොංග්‍රසය ද ඒ පිළිබදව අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ඊයේ දිනයේදී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතීම සඳහා ද පැමිණ සිටියා.