Gossips

නව දුම්රිය දෙකක් අද සිට කැළණිවැලි මාර්ගයට

නව දුම්රිය දෙකක් අද සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කිරීමට නියමිතයි.
ඒ අනුව, අංක 9255 දරණ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 10.30 ට ආරම්භ වී උදෑසන 11.35 ට හෝමාගම දුම්රිය ස්ථානය වෙත ළඟා වනු ඇති.
එමෙන්ම, අංක 9658 දරණ දුම්රිය හෝමාගම දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.30 ට ආරම්භ වී පස්වරු 1.38 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි.
මේ අතර, කැළණිවැලි මාර්ගයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධව ඉදිකර ඇති මාකුඹුර දුම්රිය ස්ථානය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ හේතුවෙන් ඒ ආසන්නයේ මෙතෙක් කල් පැවති මාලපල්ල උප දුම්රිය ස්ථානය අද සිට වසා දැමෙනු ඇති.