Gossips

නව දුම්රිය ගාස්තු අද සිට

සියයට පහළොවේ දුම්රිය ගාස්තු වැඩිවීම අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 10 සහ දෙවන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් විස්ස මෙන්ම පළමු පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් හතළිහ වෙනස් නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එහෙත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝමීටර 10ක දුර ප්‍රමාණය කිලෝමීටර 7 දක්වා අඩුකර තිබෙනවා.
සියලූ දුම්රිය ගාස්තු වැඩිවීම් ආසන්නව රුපියල් 5 කට ගණනය කර ඇති අතර, ඒ අනුව මිල වැඩිවීම රුපියල් පහේ ගුණාකාරවලින් සිදුවනු ඇති.
දුම්රිය ස්ථාන අතර පවතින දුර අනුවද ගාස්තු වෙනස්වන අතර එහිදී ඇතැම් දුම්රිය ස්ථාන අතර අයකළ රුපියල් 10 ක දුම්රිය ගාස්තුව රුපියල් 15 දක්වා වැඩිකර තිබෙනවා.
නව ගාස්තු වැඩිවීමට සාපේක්ෂව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තුවලද මිල ඉහළ දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.