Gossips

නව ද්විත්ව බලවේග කට්ටලයක් ඉන්දියාවෙන් (ඡායාරූප)

ඉන්දියාවෙන් ආනයනය කළ මැදිරි 9 කින් යුක්ත ද්විත්ව බලවේග කට්ටලය සහ ඩීසල් විදුලි දුම්රිය එන්ජිම කොළඹ වරාය වෙත ගොඩබෑම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන සිදු කෙරුණා.
2017 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙරටට ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටලය සහ දුම්රිය එන්ජිම උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා එක් කිරීමට නියමිතයි.
මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 93.86 ක් වැය වී ඇති අතර, හොංකොං සහ ෂැන්හයි බෑන්කින් කෝපරේෂන් සමාගම හරහා මෙම අරමුදල් සපයාගෙන තිබෙනවා.