නව දඩ පත්‍රිකා නොමැති බව පවසමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ගආරක්ෂාව පිළිබඳ කොට්ඨාශය පවසනවා.
පසුගිය ජූලි මස 15 වනදා සිට රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීමටයි පොලිස් රථවාහන අංශය කටයුතු කරනු ලැබුවේ.
කෙසේ වෙතත් නව දඩ පත්‍රිකා නොමැති බව පවසමින් පොලිස් නිලධාරියෙකු රියදුරන් අපහසුතාවට පත් කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.
අප මේ සම්බන්ධයෙන් රථවාහන හා මාර්ගආරක්ෂාව පිළිබඳ කොට්ඨාශයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නව නීතිය අනුව අවශ්‍ය තරම් දඩ පත්‍රිකා මුද්‍රණය කර පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බවයි.