Gossips

නව තීරණයෙන් වාහන ආනයනකරුවන්ට බලපෑම්

රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවට රජය ගෙන ඇති තීරණයට වාහන ආනයනකරුවන්ගේ සංගම් සිය විරෝධය පළ කරනවා.
වාහන අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් තම ව්‍යාපාර කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇති අතර, පෞද්ගලික අංශය සඳහා මෙම ණයවර ලිපි නිකුත් කිරීම අනිවාර්ය කිරීම ප්‍රායෝගික නොවන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ. රථවාහන ආනයනය කිරීමේදී සියයට සියයක ණයවර ලිපි නිකුත් කිරීම රජය ඊයේ අනිවාර්ය කරනු ලැබුවේ වානිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් සියලු වාහන සඳහා ක්‍රියාත්මක වන පරිදියි.