Gossips

නව තානාපතිවරු (ඡායාරූප)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 5 දෙනෙකු ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අක්තපත්‍ර භාර ගනු ලැබුවා.
ඒ, ජනාධිපති මන්දිරයේදියි. මොසැම්බික් රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙකු ද, ස්වීඩනය, ෆින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සඳහා තානාපතිවරු 4 දෙනෙකු ද මෙලෙස අක්තපත්‍ර භාර ගත් අය අතර වනවා.
මෙහිදී නව තානාපතිවරුන් හමුවී මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ නොබැදි විදේශ ප්‍රතිපත්තියක් සමඟ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලෝකයේ සෑම මිත්‍ර රාජ්‍යයකම සහය ලබා ගැනීම සිය අපේක්ෂාව බවයි.