Gossips

නව ග්‍රහලෝක ගවේෂකයා වැඩ අරඹයි

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි නව ග්‍රහලෝක ගවේෂණය සඳහා ඇමරිකානු නාසා ආයතනය උඩු ගුවනට යැවූ ටෙස් ගවේෂණ යානය දැන් නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
පසුගිය ජූලි 25 වනදා එලෙස විද්‍යාත්මක නිරීක්ෂණ ඇරඹුවද එහි පළමු දත්ත පොළවට ලැබෙනු ඇත්තේ ලබන මස මුල් භාගයේදියි.
දින දහතුනහමාරකට වරක් පෘථිවිය වටා පරිභ‍්‍රමණය වන ටෙස් ගවේෂණ යානය ඉදිරි වසර දෙක තුළ විශ්වයේ පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි තාරකාවල දීප්තියේ වෙනස්කම් පරීක්ෂාවට ලක් කරනු ඇති.
ඒ, තාරකා හරහා ගමන් කරන ග්‍රහලෝක නිරීක්ෂණයටයි.
නාසා ආයතනය ප්‍රකාශ කළේ විශ්වයේ තාරකාවලට වඩා ග්‍රහලෝක පවතින බව දැන් තහවුරු වී ඇති බවයි.
ඒ අනුව ටෙස් ගවේෂන යානයෙන් නව ග්‍රහලෝක රැසක් සොයාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් ඇතැම් ඒවායේ ජීවය පැවතිය හැකි බවද එමඟින් ප්‍රකාශ කළා.