Gossips

නව ග්‍රහලෝකාගාර 3ක් ඉදිකිරීමට සැලසුම්

නව ග්‍රහලෝකාගාර 3ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
පොළොන්නරුව, වව්නියාව සහ හම්බන්තොට යන ප්‍රදේශවල මෙම ග්‍රහලෝකාගාර පිහිටුවීමට මූලික සැලසුම් සිදුකර ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ග්‍රාමීය සාමාන්‍ය ජනතාවගේ විද්‍යා, තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් රජය මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.