Gossips

නව කැලිඩෝනියානු ජනතාව ප්‍රංශයෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරයි

පැසිෆික් දූපත් ආශ්‍රිතව පිහිටා ඇති නව කැලිඩෝනියාව ප්‍රංශයෙන් වෙන්වීම සඳහා ඊයේ පැවති ජනමත විචාරණයේදී සියයට 56.4 ක ජනතාවක් ප්‍රංශයෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නව කැලිඩෝනියාව ප්‍රංශයෙන් වෙන්විය යුතු බවට පක්ෂව ඡන්දය භාවිත කර ඇත්තේ සියයට 43.6 ක පිරිසක්.
ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කළේ මෙම තීරණයත් සමඟ ප්‍රංශය පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය මනාව තහවුරු වන බවයි.
දශක දෙකක පමණ දීර්ඝ කාලයක සිට ප්‍රංශයෙන් වෙන්විය යුතු බවට කැලිඩෝනියාව තුළ විවිධ විරෝධතා පැවැත්වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි ඊයේ මෙම ජනමත විචාරණය පැවැත්වුනේ.