Gossips

නව කැබිනට් සංශෝධනය ලබන 23 වන දායින් පසු – විද්‍යාත්මක ලෙස විෂය පථයන් වෙනස් වේ

සම්මුතිවාදී රජයේ මීළඟ කැබිනට් සංශෝධනය එළඹෙන 23 වන දායින් පසුව සිදුකෙරුණු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
සංශෝධනවලට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව විෂය පථයන් වෙනස්වීම්වලට අදාළ යෝජනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරි දින කිහිපය තුළ දී ලබාදෙනු ඇති.
ඔවුන්ගේ අනුමැතිය හිමිවීමෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු පසුගිය දා එම ධුරවලින් ඉවත්වීමත් සමඟ එම ධුරවලට තාවකාලික වැඩ බලන අමාත්‍යවරුන් පත් කිරිමට ද ජනාධිපතිවරයා පියවර ගත්තා.