Gossips

නව ඉතිහාසයක් සනිටුහන් කරන බව උතුරු කොරියා ජනපති කියයි

දකුණු කොරියාව සමග පවතින සබඳතාවල නව ඉතිහාසයක් සනිටුහන් කිරීමට සහතික වන බවට උතුරු කොරියා නායක කිම් ජෝන් අන් ප්‍රකාශකරනවා.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ අඩසියවසකට අධික කාලයකට පසු දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වු පළමු උතුරු කොරියා නායකයා ලෙසට ඉතිහාසයට එක්වූ සංචාරයේදියි.
1953 වසරේ කොරියානු යුද්ධයෙන් අනතුරුව කිසිදු උතුරු කොරියා නායකයෙක් දකුණු කොරියාවට පැමිණ නැහැ.
මෙම සංචාරයේදී කිම් ජෝන් අන් ප්‍රකාශකර ඇත්තේ මෙය දෙරට අතර සාමයේ පළමු පියවර බවයි.
ඓතිහාසික සමුලුවෙන් පසු න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් අත්හැර දැමීමට දෙරටේ නායකයන් එකගතාව පළවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
1953 වසරේ කොරියානු යුද්ධය අවසන් කළ ආකාරයෙන් මෙම වසරේදී සාම ගිවිසුමකට එළඹීමට ද නායකයන් දෙපළ එකගතාව පළකර ඇතැයි සඳහන්.
දෙරට අතර සතුරු ක්‍රියාකාරකම් අවසන් කිරීම, ආයුධවලින් තොර කලාපය සාම කලාපයක් බවට පරිවර්තනය කිරීම, අවි ආයුධ සහ හමුදා ක්‍රියාකාරකම් අවම කිරීම තුලින් ජනතාව තුල පවතින බිය සහ ආතතිය තුරන් කිරීම, අමරිකාව සහ චීනය මැදිහත්ව සිදු කෙරෙන සාකච්ඡාවලට සහය ලබාදීම, යුද්ධයෙන් වෙන්වූ පවුල් යළි එක් කිරීම, දේශසීමා හරහා දුම්රිය මාර්ග සම්බන්ධ කිරීම සහ නවීකරණය කිරීම සහ මෙවර ආසියානු ක්‍රීඩා උළෙල මෙන්ම අනෙක් ක්‍රීඩා ඉසව් සඳහා තවදුරටත් එක්ව සහභාගී වීම මෙහිදී දෙපාර්ශවය එකගවී තිබෙනවා.
කෙසේවෙතත් උතුරු කොරියානු නායකයාගේ මෙම හැසිරීම පිළිබඳ සැක මතුවන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.
මෙම සංචාරයේදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත අතර න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් නතර කිරීමට උතුරු කොරියාව ගත් තීරණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිතයි.
මේ අතර දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු නායකයා දිවා ආහාරය සඳහා යළිත් උතුරු කොරියාවට පිටත්ව යාම පිළිබඳව ද විදෙස් මාධ්‍යවල අවදානය යොමුවී තිබෙනවා.
මෙම සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරින්.