Politics Sri Lanka

නව ඇමති මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න

නව ඇමති මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන හා මහාමාර්ග නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු තිබේ.

හිටපු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර සමරවීර මහතා වනජීවී හා තිරසාර සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

මේ අතර නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා පත් කර තිබේ.

ප්‍රතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හර්ෂද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.