අද දිනයේදී අමාත්‍යවරුන් කිහිපදෙනෙක් එම අමාත්‍ය ධුර වල වැඩ භාර ගනු ලැබුවා.
පසුගිය කාලසිමාවේදී තම අමාත්‍යශය ආරම්භ කළ ව්‍යාපෘති එලෙසම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි මහා නගර සහා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩභාර ගනිමින් විෂය භාර අමාත්‍ය පාඨලි චම්පික රණවක කියා සිටියේ.
නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකිම්, සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ සංචාරක සංවර්ධන, වනජිවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ද අද සිය අමාත්‍ය ධුරවල වැඩ භාර ගනු ලැබුවා.
මේ අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් සහ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් අද බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යංශ වලදී එම ධුරයේ වැඩ භාරගත්තා.
එමෙන්ම අර්ජුන රණතුංග ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ දී සිය අමාත්‍ය ධුරයේ වැඩභාර ගත් අතර, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් අද පෙරවරුවේ එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන කටයුතු අමාත්‍ය සාගල රත්නායක කොළඹ – කොටුවේ පිහිටි එම අමාත්‍යංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා.
