Gossips

නව ආණ්ඩුව, ජනතා අපේක්ෂා ඉටු කළ යුතුයි – අස්ගිරි ලේඛකාධිකාරී හිමි

නව දේශපාලන වෙනස තුළින් ජනතා අපේක්ෂාවන් ඉටු විය යුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසනවා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම්දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙම සිද්ධිය තුළින් ජාතික ආණ්ඩු සංකල්පයේ අසාර්ථකභාවය පැහැදිලි වන බවයි.
එමෙන්ම නව පරිපාලනය තුළින් ජනතාවගේ ජීවන බර අඩු කර සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළා.