Gossips

නව අවුරුදු උදාවේදී තායි ජාතිකයෙක්, 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

තායිලන්තයේ දකුණුදිග – චුම්ෆොන් ප්‍රදේශයේ පුද්ගලයෙකු නව අවුරුදු උදාවේ සිය පවුලේ සාමාජිකයන් සංවිධාන කළ අවුරුදු සාදයකදී පුද්ගලයන් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මියගිය අය සියල්ලන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් වන අතර, ඔහුගේම 9 හැවිරිදි පුත්‍රයා සහ 6 හැවිරිදි දියණිය ද ඊට ඇතුළත්.
බිරිදගේ පවුලේ ඥාතීන් තමන් පිළිනොගැනීම නිසා උරණ වූ බීමතින් සිටි එම පුද්ගලයා පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මේ අතර, නව අවුරුදු උදාවේදී ජපානයේ – ටෝකියෝ නුවර 21 හැවිරිදි පුද්ගලයෙකු මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් වෙත සිය මෝටර් රථය ධාවනය කිරීමෙන් පුද්ගලයන් 9 දෙනෙකුට තුවාල සිදුකර තිබෙනවා.
එමෙන්ම, නව අවුරුදු උදාවේදී එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර දුම්රිය ස්ථානයකදී අන්තවාදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.