Gossips

නව අමාත්‍ය මණ්ඩලය පත්කරන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්

ලෝක කම්කරු දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟියක් පළකර තිබෙනවා.
ඒ දමුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.
ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ලෝක කම්කරු දිනය දා උදෑසන පත්වන නව අමාත්‍ය මණ්ඩලය මගින් මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවයි.
එමෙන්ම එම අමාත්‍ය මණ්ඩලය මගින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි පියවර රැසක් ක්‍රියාත්මක වනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියා.