මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වශයෙන් අද දිවුරුම් දීම සිදුකළා.
අද (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා.
