Gossips

නව අධිකරණවලට විරුද්ධව පෙත්සම්

බරපතල වංචා, දූෂණ හා සොරකම් කඩිනමින් විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් 07 ක් අද විභාගයට ගැනුණා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා රජය යෝජනා කර ඇත්තේ 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින්.
විෂය භාර ඇමතිනි තලතා අතුකෝරාල ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට අනුව මෙම අධිකරණයේ නඩු පැවරීමට හැකිවන්නේ නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි.
කෙසේ වෙතත්, එම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට විරෝධී බව සඳහන් කරමින් පෙත්සම් 07ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක්.