Gossips

නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ව්‍යවස්ථා සභාව 30 වනදා රැස්වේ

නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී එම තනතුරුවලට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයින් පිළිබඳ අවසන් තීරණවලට එළඹෙනු ඇති.
වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ධුර කාලය අප්‍රේල් මස 23 වන දින අවසන් වන අතර, අගවිනිසුරු නලින් පෙරේරාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 29 වන දිනයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගවිනිසුරුවරයා, විගණකාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් රැසක් පත් කිරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටයි.