Gossips

නව අගවිනිසුරු වැඩ අරඹයි

ප්‍රසිද්ධ කළ නඩු තීන්දුවක් සාධාරණ හා පිළිගත හැකි ලෙස විවේචනය කිරීම සඳහා ජනතාව ධෛර්යමත් කළ යුතු බව නව අගවිනිසුරු නලින් පෙරේරා පවසනවා.
නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගැනීමේ නිළ උත්සවය අද පැවැත්වුණේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටා ඇති විශේෂ අධිකරණ ශාලාවේදියි.
ඊට උපරිමාධිකරණයේ සියළු විනිසුරුවරුන් මෙන්ම කොළඹ සියළු ප්‍රධාන අධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන්, ජනාධිපති නීතිඥවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ද එක්ව සිටියා.
සාම්ප්‍රදායානුකූලව පැවති මෙම උත්සවය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් නොලැබුණු අතර, පසුව අගවිනිසුරුවරයා සිදුකළ ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.