Gossips

නව අගවිනිසුරු ගැන කතා කරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වේ

නව අගවිනිසුරුවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතයි.
එහි සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා අතරට, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්වනවා.
එහි ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත්, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂත් පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ ඇමතිනි තලතා අතුකෝරලයි. සුළු පක්ෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පත්කර තිබෙනවා.
එසේම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතීඥ අහමඞ් ජාව්ඞ් යූසූෆ් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් පත්කිරීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිවුණා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවා ඇති මෙම ව්‍යවස්ථා සභාවේ නිල කාලය වසර 3 ක්.