Gossips

නව අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාරගනී

මෙරට 22 වන අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාරගත්තා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
මහා සංඝ රත්නය ඇතුළු සර්ව ආගමික නියෝජිතයන්ගේ ආශිර්වාද මධ්‍යයේ අග්‍රමාත්‍යවරයා සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.
මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 26 වනදායිි.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මුලිකත්වයෙන් යුත් නව රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමටද නියමිතව තිබෙනවා.
රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමාවනු ඇති බවයි.