අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඕමාන් රජය සුබ පැතුම් එක් කර තිබෙනවා.
මෙරට පිහිටි ඕමාන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි වැඩකටයුතු සදහා ඕමාන රජයේ සම්පූර්ණ සහය පළ කරන බවයි.
එමෙන්ම, දෙරට අතර පවතින සබදතා තව තවත් පුළුල් කිරීම වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
එමෙන්ම, පලස්තීන රජය ද නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සාමය, සෞභාග්‍යය සහ සංවර්ධනය සදහා සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.