Gossips

නව අගමැතිට එරෙහිවූ ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ඉල්ලා අස්වේ

ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ජූලි බිෂොප් සිය තනතුරෙන් අද ඉල්ලා අස්වුණා.
ඒ, නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයේ තනතුරක් භාරගැනීම ප්‍රතික්ෂේප කරමින්.
නායකත්ව අභියෝගය තුළින් මැල්කම් ටර්න්බුල් බලයෙන් පහකිරීමෙන් පසු ස්කොට් මොරිසන් නව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ඔහු සමඟ ලිබරල් පක්ෂ නායකත්වය සඳහා ජූලි බිෂොප්ද තරඟ වැදුණු අතර, ඇයට අවසන් වටයට පිවිසීමට හැකිවූයේ නැහැ.
කෙසේ නමුත් පසුපෙළ මන්ත්‍රීවරියක ලෙස තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ජූලි බිෂොප් සඳහන් කළා.