Gossips

නව අගමැතිට එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකුගේ සහය

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට සිය සහය පළ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කළා.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ද මීට පෙර නව අග්‍රාමාත්‍යවරයා හමුවී ඔහුට සහය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩි.පී. සංවිධානයද අග්‍රාමාත්‍යවරයා වෙත සහය දක්වා සිටියා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කළේ ඔහු සිය තනතුරේ දිවුරුම් දුන් දිනයේදියි.