Gossips

නවීන බස් රථ 2000ක් ආනයනයට ලංගම සැරසේ

ඉදිරියේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නවීන බස් රථ 2000ක් ධාවනයට එක් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළ මූලික සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
ඒ අනුව මෙම වසර ඇතුළත නව බස් රථ 500ත්, 1000ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.
එම බස් රථ නාගරික ප්‍රදේශවල ධාවනයට යොදවන අතර දැනට භාවිත කරන බස් රථ ග්‍රාමීය ප්‍රවාහන කටයුතු සඳහා යොදවනු ඇති.