එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් අතර හමුවක් සිදුව තිබෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (08) මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
එහිදී දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායකගේ සහ සෞම්‍ය මූර්ති තොණ්ඩමන්ගේ ඡායාරූපයක් අමාත්‍ය නවීන් දිසානායක විසින් ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයා වෙත ලබාදී තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ ආරංචි මාර්ග සඳහන් කළේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මෙම හමුවේදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වූ බවයි.
