Gossips

නවාස් ෂරීෆ් දේශපාලනයට නුසුදුසුයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, ජීවිතාන්තය දක්වාම දේශපාලන කටයුතුවල නිරතවීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් හෙලි කිරීමට නොහැකිවීම පිළිබඳව ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) මෙම නියෝගය නිකුත් කළේ.
පසුගිය වසරේ ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම තනතුර දැරීමට සුදුසු නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟයි.