දූෂණ චෝදනා මත සිරදඩුවම් නියම වී සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම්වලදී පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පාකිස්තානයේ තුන්වරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය මාරියම්, ලාහෝර් ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත රැගෙන ගියා.
එහිදී නවාස් ශරීෆ්ගේ ආධාරකරුවන් ගුවන්තොටුපලට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමගයි පොලීසිය සමග මෙම ගැටුම හටගෙන ඇත්තේ.
එහිදී පිරිස විසුරුවා හැරීම සදහා කදුළු ගෑස් සහ බැටන් පොලූ ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.
පොලිසියේ නිලධාරින් 20 දෙනෙකු ද ගැටුමේදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
දූෂණ චෝදනා මත නවාස් ශරීෆ්ට වසර 10ක සිර දඬුවමක් සහ ඔහුගේ දියණියට වසර 7ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.
